මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම සඳහා හෑරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක නිළධාරී රවී ජයවික්‍රම මහතා පවසයි.
ඒ වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය නැවත නිවැරදි කිරීම සඳහා බව පැවසේ.
වරයා ප්‍රධාන නිළධාරි වැඩිදුරටත් සඳහන් කළේ මුහුදු මට්ටමේ සිට මිටර් 17 ක් ගැඹුරක් ඇති වරාය දැනට තැනින් තැන රොන් මඩ තැන්පත් වි ඇති හෙයින් අදාළ ප්‍රමිතියෙන් වරාය පවත්වාගෙන යෑම හා ආරක්ෂක ප්‍රමිතින්ට අනුකුල වන සේ අදාල ගැඹුර පවත්වාගෙන යෑමට කැනීම් සිදු කරනා බවයි.
භාණ්ඩ හා සේවා නෞකාද මගී නෞකාද වැඩි වශයෙන් හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දුවන නිසා අදාල ගැඹුර වරායේ සැම ස්ථානයකම නියමිත ප්‍රමිතින්ට අනුව පවත්වාගෙන යෑම මෙම ව්‍යාපාතියේ අරමුණවේ.