4කට දිවි අහිමි කළ බස් රියදුරන්ගේ ලයිෂන් කැන්සල්.!

කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා විසින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 24 දෙනෙකුට තුවාල සිදු කළ කුරුණෑගල, තෝරයායේ මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියමකිරීමෙන් අනතුරුව ඔවුන්ගේ රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙසද මෝටර් රථ කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව සැකකාර රියදුරන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප නියම කළ අතිරේක මහේ මහේස්ත්‍රාත්වරයා මාර්තු මස 20 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ එදින එම බස් රථ දෙකෙහි රියදුරන් ලෙස කටයුතු කළ අරලගංවිල ජයමුතුගම නිශ්ශංක සඳරුවන් සහ මැල්සිරිපුර ජී. රනිල් සංදීප නැමැති දෙදෙනෙකි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.