By unusuma.lk on
(LK time)-උණුසුම කතුවැකිය-
වත්මන් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවට විපක්ෂ කණ්ඩායම් සහ ඇතැම් සමාජ ක්‍රියාකාරීන් විසින් චෝදනා කරනා කන්ටේනර් 323 පිළිබඳව අද උණුසුම කතුවැකිය හරහා අප කතාකිරීමට බලාපොරොත්තු වෙමු.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලු පිරිස් මේ සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කතා බහක් ඇතිකිරීමට සමත් වූ බව රටම දන්නා කතාවකි.
නමුත් ඔවුන් මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් අදාල සිදුවීම පිළිබඳ විමර්ශනයක් ඉල්ලා පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ නලින් සම්පත් කුමාර මහතා කටයුතු කළේය.
එම කන්ටේනර් නිදහස් වීමෙන් පසු රටේ අපරාධ වැඩි වී ඇති බවට දයාසිරි ඇතුළු පිරිස් පවසන්නේ ඔවුන් කුමන හෝ කරුණු ඒ පිළිබඳ දන්නා විය හැකි බැවින් සහ ඔවුන් කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අදාළ ආයතන වෙත පැමිණිල්ලක් හෝ කර නොමැති බැවින් ඔවුන් පවසන දේ සත්‍යද කියා තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි උක්ත පැමිණිල්ල ඉදිරිපත් කළ බව නීතිඥ නලින් සම්පත් කුමාර මහතා සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම බහාලුම් තොගය හරහා ඔවුන් පවසන ආකාරයේ යම්කිසි දූෂණයක් හෝ අපරාධයක් සිදුව ඇතිනම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පිරිස් වෙත තරාතිරම නොබලා දඬුවම් පැමිණවිය යුතු බව අපගේ මතයයි.
පසුගියදා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පැවසූවේ LTTE ට අයත් ආයුධ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව ඩයස්පෝරාවෙන් තමන්ට දැනුම් දුන් බවයි.
කෙසේවෙතත් මේ පිළිබඳ අපට ඇත්තේ වෙනත් තර්කයක් ඇත.
මන්ත්‍රී අර්චුනා විසින් පාර්ලිමේන්තුව සිදුකරනා ප්‍රකාශයන් ගැන අපට වාදයක් නැත, පාර්ලිමේන්තුව තුළ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් රටේ ජනතාවටද යම් අවබෝධයක් ඇත.
කෙසේවෙතත් අර්චුනාගේ ආයුධ කන්ටේනර් ප්‍රකාශය කරේ තබාගෙන යන දකුණේ දේශපාලකයින් පිළිබඳ අපට ඇත්තේ මහත් ජුගුබ්සාජනක හැඟීමකි. මන්දයත්, ඩයස්පෝරාවේ මූලිකත්වයෙන් මෙරටට ආයුධ කන්ටේනරයක් එවීමට කටයුතු කර ඇත්නම්, ඒ යම්කිසි අපරාධ ක්‍රියාවක් සඳහා යෙදවීමට මිස කෞතුක වස්තු ලෙස ප්‍රදර්ශනය කිරීමට නොවිය යුතුය.
එවැනි අරමුණකින් මහා අවදානම් සහගත ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට එවා, මෙරට රේගුවෙන්ද නිදහස් කරගත් ආයුධ කන්ටේනරය පිළිබඳව එම ආයුධ තොගය මෙරටට එවූ පිරිස් විසින්ම හෙළි කරනු ලබයි.
එලෙස හෙළිකිරීමෙන් ඔවුන් මෙරටට ගෙන්වාගත් ආයුධ තොගය ඔවුන්ගේ අරමුණු සඳහා යොදාගත හැකිද.? එසේ ආයුධ තොගයක් ගෙන ආවේනම් සැබැවින්ම එය ඔවුන් විසින් හෙළි කරයිද.?
දේශපාලිනික වශයෙන් ආණ්ඩුවට එරෙහි විය හැකි ඕනෑ තරම් සාධාරන කරුනු තිබියදී මෙම විපක්ෂ මන්ත්‍රීවරු සිදුකරන්නේ සැබෑ විපක්ෂයේ කාර්‍යභාරයද.?
අඩුමතරමේ අර්චුනාගේ කරේ හෝ එල්ලී සමාජය නොමඟ යැවීමට උත්සාහ කිරීම දකුණේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාරයද.?
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒ හරහා දූෂණයක් හෝ අපරාධයක් සිදුකර ඇතිනම් අදාල පිරිස් වෙත දඬුවම් පැමිණවිය යුතුය, එසේ නොවේනම් ජනතාවගේ බදු මුදලින් පාර්ලිමේන්තුවට ගොස් දහසකුත් එකක් ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම වෙනුවට හුදු බලය වෙනුවෙන් ඕනෑම තත්වයක් තම වාසියට හරවා ගන්නා දේශපාලකයින් ආපසු හරවා ගෙදර එවිය යුතු බව අපගේ මතයයි.