වසර 49කට පසුව මාලිමා ආණ්ඩුවෙන් උපරිම දඬුවම්.!

පාතාල ඝාතන, මත්කුඩු ජාවාරම ඇතුළු අපරාධ සැලකිල්ලට ගෙන යළිත් ‘මරණ දඬුවම’ ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සදහන් කරයි.

රට පුරා සිදුවන අපරාධ සැලකිල්ලට ගෙන යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ජා මේ වනවිටත් සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහජන ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කරයි.

මේ අතර අවසන් වරට මරණ දඬුවම ලබාදී ඇත්තේ 1976 වසරේදී වන අතර මේ වනවිට මරණ දඬුවම නියම වූ 1,200කට අධික පිරිසක් මෙරට බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.