දේශබන්දුගේ ‘පොලිස්පති’ පට්ටම ගැලවෙයි.?

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

අද (24) දින මෙම පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් එළ⁣ඹෙන මැයි මස (06), (07) සහ (08) යන දිනවල විභාගයට ගැනීමට දින නියම කර ඇත.

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවට මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් ඉදිරිපත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.