සරත්ගෙන් සජිත්ට අනතුරු ඇඟවීමක්.!

විපක්ෂයේ පක්ෂ එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට උත්සාහ කළහොත් ඔවුන්ට ජනතාවගෙන් මීටත් වඩා දරුණු ප්‍රහාරයකට ලක්වීමට සිදුවිය හැකි බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අනතුරු අගවා සිටිනවා.

අනාගතයේ දී පවා කිසිවක් වෙනස් නෙවන බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ,

“මේ සභා පිහිටුවන්න සජබෙට මොකක්ද තියෙන බලය ? සජබෙට හරි, පොදුජන පෙරමුණට හරි, අනෙකුත් දේශපාලන පක්ෂයකට හරි මොකක්ද තියෙන බලය ? තනිව ගත්තොත් එක්කෙනයි දෙන්නයි. ඉතින් මේ බලයක්ද මේක ? ඒ නිසා මේ රටක ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්න එපා කියලා කියන්නෙ ඔය ප්‍රධාන දේශපාලන පක්ෂවලට.

ඕවා නැති භංගස්ථාන කරලා තියෙන්න පහුගිය මැතිවරණ තුනේදී මේ රටේ ජනතාව. ඒ නිසා ජනතාවගෙන් මීටත් වඩා දරුණු ප්‍රහාරයකට ලක්නොවී මේ ආයතනවල බලය පිහිටුවීමේ අවස්ථාව ජාතික ජන බලවේගයට ඉඩදෙමින් අපි කියනවා ගෞරවාන්විත විදියට තමන්ට බාරදීපු විපක්ෂයේ කාර්යභාරය කරගෙන පැත්තකට වෙලා ඉන්න කියලා”

මෙහිදී මාධ්‍යවේදියෙක් යම් විදියකින් බලය පිහිටෙව්වොත් අනාගතය මොන වගේ වෙයිද ඒ ප්‍රාදේශීය සභාවල ? යනුවෙන් විමසු අතර එහිදී සරත් මහතා පැවසුවේ,

“ඉදිරි අනාගතය වෙන කිසිවක් වෙන්නෙ නෑ ඔය පිහිටෙව්වොත් පිහිටුවපු කෙනෙකුට වෙන්නේ පොල්තෙල් පහනක් දල්වන්න විතරයි. ඊට වඩා දෙයක් ඉතුරු වෙන්නෑ, මොකද ඊට වඩා දෙයක් කරන්න ආදායම් ඔය ආයතනවලට නෑ.

මධ්‍යම රජයෙන් සල්ලි එවන්න තරම් අපිට මොකටද එහෙම වුවමනාවක් ? මේ හොරකම, වංචාව, දූෂණය පරාජය කරලා තියෙන්නෙ. ඉහළ හොරු, වංචාකාරයෝ දවසින් දවස මහ උළුගෙදර යමින් ඉන්නවා. ඉතින් මේ මහ උළුගෙදර යමින් ඉන්න උන්ගෙ කුඩා එවුන්ට සල්ලි දෙන්න ඕනෙද ? ඒ නිසා අපි ඒකට සූදානම් නෑ. අපි ඒ ආයතන එවැනි විනාශයක් කළොත් විපක්ෂය එකතුවෙලා, ඒ ආයතනවල සංවර්ධන කටයුතු කරන්න අපට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැටියට ඒවායෙ ඉඳගෙන කරන්නත් පුළුවන්, මහවැලි අධිකාරිය පාවිච්චි කරලා ඒවායෙ වැඩ කරන්නත් පුළුවන්, මධ්‍යම ආණ්ඩුවෙන් සෘජුව අමාත්‍යාංශය හරහා වැඩ කරන්නත් පුළුවන්.

අපි ප්‍රාදේශීය ලේකම්වරයා, දිසාපතිවරයා හරහා වැඩ කරනවා, ඒවා නීත්‍යානුකූලයි. අපි රේඛීය අමාත්‍යාංශ හරහා වැඩ කරනවා. අපිට ප්‍රශ්නයක් නෑ. අපි දැනටත් ජයග්‍රහණය කරලා තියෙන්නෙ. අපි විපක්ෂයට කියන්නෙ පැත්තකට වෙලා ඉන්න රට හදලා දෙනකල්. බලාගෙන ඉන්න. අවුරුදු 76ක් කොරන්න බැරිවෙච්ච එක දැන් කොරන්න පුළුවන්ද එකතුවෙලා ? ඒක නිසා පැත්තකට වෙලා ඉන්න කියලා තමයි සජිත්ට කියන්න තියෙන්නෙ. ඕනෙ නැති පණ්ඩිත වැඩ කරන්න ගිහිල්ලා ඇනගන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නෙ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) පොලොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පලකළා.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments