By unusuma.lk on
(LK time)කැරම්බෝඩ් සහ දාම් ලෑලි නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධව ගොනු කළ නඩුවේ වැරදිකරු කර වසර 25ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මේ අතර රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම සිර දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බැවින් අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.