By unusuma.lk on
(LK time)උස්වැටකෙයියාව මුහුදු වෙරළේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට එක් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු සහ වෙඩි තැබීමේ ස්ථානයට ඔහු ත්‍රිරෝද රථයකින් රැගෙන ආ පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ යැයි සැක කෙරෙන කෙසෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන ඩුබායි කලණ නමැත්තා විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.