By unusuma.lk on
(LK time)වත්මන් වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිස්ම සම්බන්ධයෙන් පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයකට එරෙහිව එම කොමිසම ව්‍යවස්ථාදායක සභාව වෙත පැමිණිල්ලක් කිරීමට සූදානම් බව වාර්තා වෙයි.
ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව විසිනි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයෙකු නොසිටියේය. ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්වී සිදුකළ මූලික කටයුතු අතර එවකට සිටි පොලිස්පති C.D වික්‍රමරත්න මහතා විසින් දේශපාලන උවමනාවන් මත විවිධ ප්‍රදේශ වෙත පත්කර සිටි ස්ථානාධිපතිවරු, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු නිලධාරීන් රැසක් නැවත කැඳවීමට කටයුතු කළේය.
ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම තීරණ අතරින් බොහොමයකට පොලිස් කොමිසමේ අනුමැතිය හිමි නොවූ නමුත් ඉන් පෙර එවකට සිටි පොලිස්පති C.D වික්‍රමරත්න මහතා විසින් දේශපාලන උවමනා මත මෙම පත්වීම් ලබාදීමේදී පොලිස් කොමිසම විසින් එම පත්වීම් සියල්ල අනුමත කර තිබුනි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම අතර ඇති මෙම අර්බුදකාරී තත්වය මාධ්‍ය වෙත අනාවරණය වූයේ වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලීසිය තුළ බඳවා ගැනීම් සහ ස්ථාන මාරුවීම් ලබාදීම පොලිස්පතිවරයාගේ අභිමතය අනුව සිදුවිය යුතු බවට සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.
ඔහු පැවසූවේ ලෝකයේ බොහෝ රටවල පොලිස් කොමිසම කටයුතු කරන්නේ මහජන පැමිණිලි සම්බන්ධයෙන් සහ පොලිස් නිළධාරීන්ගේ විනය සහ කල්ක්‍රියාව අදී කටයුතු සම්බන්ධයෙන් වුවත් ශ්‍රී ලංකාවේ පොලිස් කොමිසම බඳවා ගැනීම් සහ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැටළු සහගත බවයි.
කෙසේවෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙ පොලිස් කොමිසම විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත සිදුකිරීමට යන පැමිණිල්ලේ යම් යටි අරමුණක් සම්බන්ධයෙන් සැක මතුවෙයි, ඒ දැනට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉදිරියේදී පොලිපති ලෙස පත් කළහොත්, පොලිස් කොමිසම විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් සලකා නොලැබීම හේතුකරගනිමින් අධිකරණය වෙත යෑමේ හැකියාවක් පැවතීම හේතුවෙනි.
ඒ අනුව අධිකරණය හරහා ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිපති ලෙස පත්කිරීම අවහිර කිරීමේ යම් හැකියාවක් පවතී.
කෙසේවෙතත් ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අතීත සහ වර්තමාන ක්‍රියාකලාපය තුල ඔහු රට තුල මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සිය උපරිම කැපවීමෙන් කටයුතු කරනා නිලධාරියෙකු බව මහජනතාව දනී.
එමෙන්ම මෙතෙක් ඉතිහාසය තුළ ඔහුට දූෂණ චෝදනා හෝ අපරාධ චෝදනා එල්ලවී නොමැති අතර පොලීසියේ පහලම තනතුරේ සිට සිය කැපවීම සහ දක්ෂතාව මත ඉහළටම පැමිණි නිලධාරියෙකි.
- සටහන :- මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ අනාවරණයක් ඇසුරින්.