ඉස්ලාම් දහමට අපහාස සිදුකකිරීම සම්බන්ධව මාස 09ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.
තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර විසින් මෙම නියෝගය ලබාදී ඇත.
රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.