කෝටි ගණනක මුදල් වංචාවේ මොළකරු යළි කැඳවීමට නියෝග.!

රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව පවතින නඩුව එළ⁣ඹෙන ජුනි මස (23) දින යළි කැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කර ඇත.

අර්ජුන් ඇලෝසියස් බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

තවද එළ⁣ඹෙන ජුනි මස (23) දින සැකකාර අර්ජුන් ඇලෝසියස් යළිත් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.