පාතාලයේ සෙල්ලම අවසන්.. බිමල් ප්‍රසිද්ධියේ අනතුරු අඟවයි.!

පාතාල කණ්ඩායම් සිදුකරන ඝාතන කරුණාකර නතර කරන ලෙසත් ⁣එසේ නොකර තවදුරටත් ඝාතන සිදු කරන්නේ නම්, පාතාලය සැලකියයුතු ප්‍රමාණයකට මර්දනය කිරීමට රජය පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය, පාර්ලිමේන්තු සභානායක බිමල් රත්නායක සදහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ,

“දේශපාලන අනුග්‍රහය මත තමයි පාතාලය ඇති වුණේ. පවත්වාගෙන ගියේ, ගොඩනැගුවේ. ඒ පාතාල ප්‍රශ්නයට අපේ රට දැන් බැටකමින් ඉන්නවා මේ දවස්වල. ඉතින් අපි හිතනවා පාතාල ප්‍රශ්නය තනිකරම පොලිස් ක්‍රියාමාර්ගය වලින් මැඩපවත්වන්න බෑ.

අපි ඒක කියන්නම් උත්තර මොනවද කියා, නමුත් දැනට අපි පොලිස් ක්‍රියාමාර්ගය වලින් ඒකට මැදිහත් වෙමින් තිබෙනවා. එකම දේ, පහුගිය දවස්වල පාතාලය අන්දොස්වෙලා ඉන්නේ. මොකද පාතාලයට ආණ්ඩුවෙන් කනෙක්ෂන් එකක් හදාගන්න බෑ. ඒනිසා දැන් පාතාලය අන්දොස්වෙලා තියෙන්නේ.

එනිසා අපි පාතාලයේ දැන් ඉන්න කට්ටියට කියනවා කරුණාකර නතර කරලා, සාමාන්‍ය විදිහට තමන්ගේ ජීවිතය ගොඩනගාගන්න මහන්සි වෙන්න. නැතිනම් මේක සැලකියයුතු ප්‍රමාණයකට මර්දනය කරන්න අවශ්‍ය කරන දේවල් රජය නීත්‍යනුකුල සීමාවන් ඇතුලේ කරනවා.”

අයවැය දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේදී අමාත්‍ය, පාර්ලිමේන්තු සභානායක බිමල් රත්නායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.