කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනයේ සැළසුම්කරු අල්ලයි.!

ඊයේ (25) උදෑසන කාලයේ වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේදී මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරු මෙම ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කළ අයෙකු බව හඬුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන මිද්දෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

37 හැවිරිදි හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.