By unusuma.lk on
(LK time)මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල පහල දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
නොයෙකුත් බැංකු සහ මූල්‍ය සමාගම්වල යෙදවුම් හරහා දේශීය වෙනත් බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමේදී අය කෙරෙන රුපියල් 30ක අමතර ගාස්තුව රුපියල් පහකින් අඩු කර ඇති අතර ඒ අනුව මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් වේ.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනවලදී සාකච්ඡා පවත්වා තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
ඩිජිටල් ගනුදෙනු කිරීමේදී ජනතාවට යම් සහනයක් සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ