By unusuma.lk on
(LK time)අලුත්කඩේ අධිකරණයේදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය බව පැවසෙන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව තෙබුවන, රන්නගල වතුයායේ නිවසක සිටින්නේ යයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වටලා පරීක්ෂාවක් සිදුකර තිබේ.
කඳු මුදුනක පැල්පතක් ආකාරයෙන් සාදා ඇති එම නිවස වටා සවිකළ CCTV කැමරා හරහා නිවස තුළ සිට නිරීක්ෂණය කරමින් සිට ඇති බව පරීක්ෂාවේදී අනාවරණය වී තිබේ.
එම පැල්පතේ රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකුද එහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුම සදහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය හා තෙබුවන පොලිසියේ නිලධාරින් එක්ව සිටි අතර පොලිස් නිල සුනඛයන්ද පරීක්ෂාව සඳහා රැගෙන විත් ඇත.
මතුගම ජේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන්ද එම ස්ථානයට ගොස් නිවස අවට ප්‍රදේශය පූර්ණ පරීක්ෂාවට ලක් කලද අදාළ කාන්තාව සම්බන්ධයෙන් නිෂ්චිත හෝඩුවාවක් ලැබී නැත.
එහි සිටි සැක කටයුතු කාන්තාව සති දෙකකට පමණ ඉහත ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට මෙම නිවසට පැමිණ බව පවසා තිබේ.
ප්‍රදේශවාසීන් විසින් මේ කාන්තාවන් පිළිබඳව විමසිලිමත්ව පොලීසිය වෙත තොරතුරු ලබාදී ඇත.
24 රාත්‍රීයේදී නිවස වටලා පොලිස් සෝදිසි කිරීමත් සමග එක් කාන්තාව නිවසින් පිටතට දිව ගොස් කෑලෑවේ සැගවී ඇති අතර ඒ අනුව 25 උදෑසන සිට සෝදිසි මෙහෙයුම් දියත් කර තිබින.
අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඇත.