“මේ ආණ්ඩුවට සහයෝගය දෙන්නම ඕනේ” ඩඩ්ලි පෙරමුණ ගනී.!

මේ වනවිට රට පත්වෙලා තියෙන තත්ත්වයෙන් ර⁣ට ගොඩගැනීම ජනාධිපතිවරයාටවත්, මේ ආණ්ඩුවටවත් තනියම කරන්න පුළුවන් දෙයක් නොවන බැවින් හරි සැලැස්මක් තියන මිනිහෙකුට සහයෝගය ලබාදිය යුතු බව ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කරයි.

සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කළේ,

“වී වල කොලිටිය අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඒක මේ ආණ්ඩුව ගන්න මිලවත්, වෙන කවුරුවත් ගන්න මිලවත් අදාළ නෑ. ඒ වී වල තියෙන කොලිටිය අනුව තමයි මිල ගණන් තීරණය කරන්නේ.

දැන් ඉතින් මේක රජයටම දොස් කියන්න බෑ. රජයට බෑනේ, නියමිත ප්‍රමිතියට ගත්ත වී තමයි කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ඒක හරි ප්‍රමිතියට වී දුන්නොත් තමා රජයට ගන්න පුළුවන් වෙන්නේ.

ඊට අඩු ප්‍රමිතියක් තියෙනවානම් රජය ගන්නෑ. වෙළදපොළේ තියෙන හිගතාවය නිසා පුද්ගලික අංශයේ ඒ වී ටික අරගෙන හාල් කරලා වෙළදපොළට එවන එක තමයි වෙන්නේ. තව කොහොමත් සතියක් දෙකක් යද්දි, ඔය කියන පුද්ගලික අංශයටත්, රජයේ ගබඩා වලටත් වී යයි.

හරි සැලැස්මක් තියන මිනිහෙකුට සහයෝගයක් දීලා වැඩ කරන්න ඕන. මේ රට පත්වෙලා තියෙන තත්ත්වේ අනුර කුමාර දිසානායක ජනාධිපතිටවත්, මේ ආණ්ඩුවටවත් තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි.

හැම එකාම බලාගෙන ඉන්නේ මේකට කෙල වෙනකම්.. වැටෙනකම්.. වැටෙන්නේ ඔය පාලකයෝ කවුරුත් නෙමෙයි. සමස්ත රටේ ජනතාව කියන එක මතක තියාගන්න.

අතපය තියෙන, ඇහැකන පේන ඔක්කොම වැඩ කරන්න ඕන. වැඩ කරලා, හම්බ කරලා කන්න ඕන. මේ හැම දේශපාලඥයාම මෙතෙන්ට ඇවිල්ලා ටික කාලයක් යද්දි නිකන් කන්ඩ දෙන ප්‍රතිපත්තියට ඇවිත් තමා මේ රටටම කෙලවලා තියෙන්නේ. මේ ආණ්ඩුවට සහයෝගය දෙන්නම ඕන.”

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.