ලංකා ගුරු සංගමයේ සභාපතිගේ තටු කපා ගෙදර යවයි.!

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කොට තිබේ.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මහතා විසින් ඊට අදාළ ලිපියට අත්සන් ලබාදී තිබේ.

ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලංකා ගුරැ සංගමයේ සභාපතිවරයාට යවන ලද අංක එන්සිපි/සිඑම්/ඊඩියු/09/අනු/2025 හා 2025.06.06 දිනැති ලිපියේ සදහන්වන පරිදි උතුරු මැද පළාතේ වාහන කිහිපයක් ටෙන්ඩර් කොට අලෙවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපවාහිනි නාලිකවකට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරිමේ චෝදනාව මත අදාළ වැඩ තහනම සිදුකර තිබේ.

එම ලිපියේ වැඩි දුරටත් මේසේද සදහන්ය. “ඔබ අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදි වෘත්තිය සමිති කටයුතු සදහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කර තිබියදි ඉන් පරිබාහිරව “අපි පුරවැසියෝ” සංවිධානයේ කැදවුම්කරැ ලෙස හදුන්වා දෙමින් මැයි මස 30 වැනි දින රැපවාහිනි නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments