By unusuma.lk on
(LK time)ලැබෙන ආදායම කපා හැරීමට හඳුන්වාදී තිබෙන මිල සමීකරණයට එරෙහිව රට පුරා සිපෙට්කෝ ඉන්ධනහල් 700ක ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
රට පුරා ඉන්ධනහල් 1,400ක් පමණ තිබෙන බවත් තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල්වලට පමණක් නව මිල සමීකරණය බලපාන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත දැනට සිපෙට්කෝ ඉන්ධනහල්වලට ගෙවන කොමිස් මුදල් අඩු කරන බවද සදහන් කරයි.
ඒ අනුව දිවා රාත්‍රි ක්‍රියාත්මක ඉන්ධන හල් රාත්‍රි කාලයේ වසා දැමීමටත්, බැංකු ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්වලට තෙල් නිකුත් නොකිරීමටත්, සේවකයන් සියයට පනහකින් අඩු කිරීමටත්, රාජ්‍ය ආයතන වලට ණයට ඉන්ධන ලබාදීම නතර කර දැමීමට ඉන්ධනහල් හිමියෝ තීරණය කර ඇත.