By unusuma.lk on
(LK time)සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස වන ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම වළක්වාලමින් පෙර නඩු වාරයේදී නිකුත් කර තිබූ කොන්දේසි සහිත ආඥාව තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි (25) නියෝගය කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ දේශාන් අලුවිහාරේ විසින් එම සිද්ධියට අදාළව කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය විසින් එලෙස නියෝග කළ අතර මෙම සිද්ධියට අදාළ නඩුව ලබන (11) වැනිදා තෙක් කල් තැබීය.
පළමුවන සහ තුන්වන වග උත්තරකරුවන්ට කොන්දේසි සහිත ආඥාව ඊමේල් පද්ධතිය හරහා යොමු කර ඇති බවත් දෙවන වග උත්තරකරුට යවන ලද ඊමේල් පණිවිඩය නොලැබීම සම්බන්ධව තාක්ෂණික ගැටලු පවතීද යන්න සොයා බලන ලෙසද මහෙස්ත්‍රාත්වරිය එහිදී අධිකරණය රෙජිස්ටාර්වරයාට දැනුම් දුන්නාය.