By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ පාලනය පැවැති මාස 49ක කාලය සදහා ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලයේ වැටුප් හා දීමනා වියදම රුපියල් ලක්ෂ 3773ක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරුන් ලෙස සාගල රත්නායක සහ ජයන්ත කැටගොඩ, සහාකාර සංවිධායකවරු ලෙස කෝකිලා හර්ෂණී, තිස්සකුට්ටි ආරච්චි හා මධුර විතානගේ පත් කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරුන් ඇතුළු සංවිධායකවරුන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සදහා මාසිකව රුපියල් ලක්ෂ 75ක වියදමක් දරා ඇති බවත් වත්මන් ආණ්ඩුව යටතේ මාසිකව රුපියල් 180,000 දක්වා ආසන්න වශයෙන් ලක්ෂ 73කින් අඩුකර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සෑම විටම අමාත්‍යවරයකුට හිමිවූ අතර අමාත්‍යවරයා ඇමැති වැටුපක් හිමිව තිබියදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසද රුපියල් 16,250ක වැටුපක් හා මාසිකව ඉන්ධන ලීටර් 600ක් ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට අමතරව එම 6 දෙනාට කාර්ය මණ්ඩලය ලෙස 60 දෙනකු පත් කර ඇති බවත් ඔවුන් සියලුම දෙනාට වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව රුපියල් 74,37,255ක් වැය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
තවද සහකාර හා නියෝජ්‍ය සංවිධායකවරුන් වෙනුවෙන් කුලී පදනම මත වාහන ලබාගැනීමට 2023 දෙසැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා රුපියල් 24,90,500ක් වැය කර ඇති බවද පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි