By unusuma.lk on
(LK time)ඉන්දියාවේ අහමදාබාද් හිදී කඩාවැටුණු “එයාර් ඉන්දියා” ගුවන් යානයේ වර්ගයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වෙයි.
මෙම වර්ගයට අයත් ගුවන්යානාවලින් මේ දක්වා ලොව පුරා මගීන් කෝටි සියයක් (බිලියනයක්) පමණ ප්‍රවාහනය කර ඇති බවද බී.බී.සී වාර්තාවේ සඳහන්ය.
අනතුරට පත් වූ යානයේ ආසන 256 ක් පැවති නමුත් එයින් මගීන් ගමන් කර ඇත්තේ ආසන 230 ක පමණි. ගමන් කළ මගීන් 230 දෙනාට අමතරව කාර්ය මණ්ඩලයේ 12 ක් ද යානයේ සිටියහ. මගීන් අතරින් දිවි ගලවා ගලවාගෙන ඇත්තේ විශ්වාෂ් කුමාර් නමැති එක් තැනැත්තෙක් පමණි.
මෙම ඛේදවාචකයෙන් යානය කඩා වැටුණු ස්ථානයේ පිහිටි වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාරයකටද දැඩි අලාභ හානි සිදුවී ඇති අතර ඒ මොහොතේ එහි සිටි සිසුන් 50 දෙනකු පමණ රෝහල්ගත කර තිබේ.
කෙසේවෙතත් මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් ලොව පුරා ගුවන් විශේෂඥයින් විවිධ මත පලකරනා අතර ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ගුවන් නියමුවෙකු වන විශ්‍රාමික මිලින්ද රත්නායක මහතා පැවසූවේ මෙම අනතුරට හේතුව සහය නියමුවා අතින් සිදු වූ අත් වැරැද්දක් විය හැකි බවයි.
යානයේ රෝද (ලෑන්ඩින් ගියර්) ඉහළට ගැනීම සහ ෆ්ලැප් (පියාපත්) හැකිලවීම සඳහා යොදාගන්නා ලීවර දෙකම එකම ආසන්නයේ පවතින බැවින් අත් වැරදීමකින් රෝද ඉහළට ගැනීම වෙනුවට පියාපත් හැකිලීම සිදු කළා විය හැකි බව ඒ මහතා පවසයි.
කෙසේවෙතත් නියමිත උසට ලඟාවූ පසු ගිවන් යානයේ රෝද ඉහළට නොගැනීම ගැටළු සහගත බවත් එය යානයේ හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් වීමේ ඉඩකඩ පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.