ජනතාව⁣ට ගෙවන්නැයි විදුලිබල මණ්ඩලයට නියෝග.!

රටේ පාරිභෝගිකයින් වෙත විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් අය කරනු ලබන තැන්පතු මුදල සදහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදුලිබල මණ්ඩලයට අද (28) දින නියෝග කර ඇත.

විදුලිබල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

2023 වසරේ ජනවාරි මස (01) වනදා සිට 2023 වසරේ දෙසැම්බර් මස (31) වනදා දක්වා කාලසීමාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති 11.67%ක වාර්ෂික පොලිය පාරිභෝගිකයන්ට හා සෙසු ගනුදෙනුකරුවන්ට ගෙවීමට තීරණය කර ඇති බවත් ඒ සදහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙන බව මෝසමක් ගොනු කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කර තිබුණේය.

ඒ අනුව මෝසම තුළින් එකඟ වී තිබෙන පරිදි කටයුතු කරමින් ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම විශාල වශයෙන් විදුලිය භාවිත කරන පාර්ශවයන්ටත් ශ්‍රී ලංකාව මහා බැංකුව විසින් නිර්ණය කරනු ලබන පොලී අනුපාතිකයන් යටතේ වාර්ෂික පොලී ගෙවීමට කටයුතු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.