අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය වරෙන්තු නිකුත් කළාය.
වසන්ත මුදලිගේට එරෙහිව චෝදනා හතක් යටතේ කොටුව පොලිසිය විසින් 2022 වසරේදී මෙම නඩුව පවරා තිබිණි.
එම චෝදනා අතර අරගලය අවස්ථාවේ තුවාලකරුවන් හා අපහසුතාවයට පත්වූවන් රැගෙනයාමට පැමිණි පොලිස් රෝහලට අයත් ගිලන් රථයක් අවහිර කිරීම, රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය කිරීමට නොදී බාධා කිරීම, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී සාපරාධී බලහත්කාරය පෑම සහ රාජ්‍ය සේවකයකු ඔහුගේ රාජකාරී පරාසය තුළ සිදුකරනු ලබන ආඥාවකට අකීකරුවීම ඇතුළු චෝදනා ඇතුළත්.