By unusuma.lk on
(LK time)ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ අද (28) රාත්රී සිට ඉන්ධන හල් හිමිකරුවන් වර්ජනයක් ආරම්භ කරන බවයි.
කොළඹදී රැස්වූ ඉන්ධන බෙදුම්කරුවන් මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට ගෙන තිබේ.
ඒ අනුව සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
බෙදුම්කරුවන්ගේ 3% ක කොමිස් මුදල කපා හැරීමට විරෝධය දක්වමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.