කොළඹ මහ නගර සභාවේ උණුසුම් තත්වයක්.! [Breaking News]

මේ වනවිට කොළඹ පුරපති පත්කිරීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු සඳහා මහ නගර සභාවේ කටයුතු සූදානම් වෙමින් පවතී. එහිදී පුරපති තෝරා පත්කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජන බලවේගයෙන් පමණක් නම් යෝජනා වූ අතර ඒ සඳහා රහස්‍ය ඡන්දයක් පැවැත්විය යුතු බවට ජාතික ජන බලවේගය යෝජනා කළ නමුත් එය විවෘත ඡන්දයක් විය යුතු බව සමගි ජන බලවේගය යෝජනා කළේය.

කෙසේවෙතත් පනත ප්‍රකාරව රහස්‍ය ඡන්දයක් පැවැත්විය යුතු බවට කොමසාරිස්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ සමගි ජන බලවේගය නියෝජනය කරනා මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ විය.

සමගි ජන බලවේගය විසින් ඊට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශන පත්‍රිකාවක් ඉදිරිපත්කරමින් පවසා සිටියේ විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවයි.

කෙසේවෙතත් එය හුදෙක් මාර්ගෝපදේශයක් පමණක් බවත් තමා කටයුතු කරන්නේ පනත ප්‍රකාරව බැවින් රහස්‍ය ඡන්දයක් පැවැත්විය යුතු බව කොමසාරිස්වරිය පැවසීය.

මේ වනවිට රහස් ඡන්දයක් පැවැත්විය යුතුද විවෘත ඡන්දයක් පැවැත්විය යුතුද යන්න පිළිබඳ උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර, පක්ෂ විපක්ෂ කණ්ඩායම් ඊට අදාළව වාද විවාද කරගනිමින් සිටිති.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments