By unusuma.lk on
(LK time)ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වු මිලියන සිය ගණනක් පරිශීලකයින් සිටින වීඩියෝ ඇමතුම් සේවාවක් වන “ස්කයිප්” (Skype) එළඹෙන මැයි මාසයේ සිට වසා දමන බව එහි හිමිකරු මයික්‍රොසොෆ්ට් සමාගම සදහන් කරයි.
එළඹෙන මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නවත්වනු ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ පරිශීලකයින්ගේ කතාබස් සහ සම්බන්ධතා සමග පරිශීලකයින්ගේ ස්කයිප් ගිණුම සමග Microsoft Teams Free වෙත සම්බන්ධ විය හැකි බව එම සමාගම සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කරයි.
ඒ අනුව පරිශීලකයින්ගේ ස්කයිප් මුරපද සමග Microsoft Teams Free සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇති අතර ස්කයිප් පසුගිය 2011 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5කට මිලදී ගත්තේය.