වේරැස් ගඟෙන් ගොඩගිය ගොඩකිරීමේ ලොක්කා අත්අඩංගුවට.!

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ “වේරැස් ගඟ” ව්‍යාපෘතියේ රු:මි:27.6 ක මුදලක් අයථා පරිහරණය කිරීමේ චෝදනා මතයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුට එරෙහිව ඇති චෝදනාව වන්නේ වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 275ක මුදලක් වියදම් කොට රජයට පාඩුවක් සිදු කිරීමයි.

විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර විවෘත කිරීමේ උත්සවයේ සියලුම කළමනාකරණ කටයුතු “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නමැති ආයතනයකට පවරා ඇති අතර, එම ආයතනය භාතිය ජයකොඩි නමැති පුද්ගලයකුට අයත් බව අනාවරණය වී තිබේ.

වේරැස් ගඟ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් වන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා විශාල ප්‍රමාණයක රජයේ මුදල් වෙන් කොට තිබේ. කෙසේ වෙතත්, සැකකරු ලෙස නම් කර ඇති හිටපු සභාපතිවරයා එම මුදල් නිසි පරිදි පරිහරණය නොකළ බවට චෝදනා එල්ල වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments