By unusuma.lk on
(LK time)පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (27) විමර්ශණ ආරම්භ කළේය.
ඒ අනුව, කොළඹ ඇතුලු ඔහු රැදී සිටි බවට තොරතුරු වාර්තා වූ නිවාස 05ක් මේවන විට පරික්ෂාවට ලක් කෙරුණු අතර එම නිවාස කිසිවක ඔහු නොමැති බව වාර්තා වේ.
වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් 6314 / 323 නඩු අංකය යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර පවතින අතර, එහිදී මනුෂ්‍ය ඝාතනයක් සදහා කුමන්ත්‍රණය කිරීම චෝදනා යටතේයි මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
2023 වසරේ දෙසැම්බර් 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.