ඇස් දෙකට නොව ගැඹුරු බැල්මට හරිනි ලස්සන පිරිමි කමිසෙට.!

ප්‍රවීණ කලාකරු වසන්ත දුක්ගන්නාරාල විසින් රචිත කවි කෘතියක් දොරට වැඩීම උත්සවයක් පසුගියදා පැවැත්වුනේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දීය.

වසන්ත දුක්ගන්නාරාල කලාකරුවා විසින් රචිත KMPH 32 කොට කවි ශතකය නැමැති ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියයි.

කෘතියේ මුල්පිටපත කතුවරයා විසින් අග්‍රාමාත්‍යවරිය ඇතුලු ආරාධිතයන් වෙත පිළිගන්වනු ලැබු අතර උත්සවය අතරතුර කාගේත් සිත්ගත් ඉතා සුවිශේෂී සිදුවීමක් විය.

ඒ වසන්ත දුක්ගන්නාරාල මහතා විසින් රචිත කවි පොතේ අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන්ද පෙම් කවියක් රචනා වී තිබීම හේතුවෙනි.

එම කවිය මෙසේය,
හිත ගියේනම් හිනාවට නොව පිරී ඉතිරුණු බාහු යුග්මෙට..

ඇස් දෙකට නොව ගැබුරු බැල්මට හරිනි ලස්සන පිරිමි කමිසෙට..

එහිදී දුක්ගන්නාරාල මහතා කවිය සම්බන්ධයෙන් කේන්ති ගියේදැයි අගමැතිවරියගෙන් විමසූ අවස්ථාවේ ඇය සිනහසෙමින් පිළිතුරු දී ඇත්තේ ‘කේන්ති ගියේනම් නෑ හැබැයි මම අඳින්නේ පිරිමි කමිස නෙමෙයි. අදනම් ඇඳන් ආවේ සාරියක්. කලින් කිව්වනම් කමිසයක් ඇඳන් එන්න තිබුනා” ලෙසයි.

එහිදී කෙටි කතාවක් සිදුකළ අග්‍රාමාත්‍යවරිය තමා වෙනුවෙන් රචනා වූ ප්‍රථම කවිය සම්බන්ධයෙන් එහි රචකයා වූ වසන්ත දුක්ගන්නාරාල මහතාටද ස්තුති කිරීමට අමතක නොකළාය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.