විශේෂ සාකච්ජාවකට ජනපති මහනුවරට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවරදී පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර අනුශාසනා ලබාගැනීමට අද (02) දින මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී දළදා සමිඳුන් ප්‍රදර්ශනය කෙරෙන වේලාව, මහනුවරට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සපයන පහසුකම්, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ, ප්‍රවාහන සේවා ඇතුළු පහසුකම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම විශේෂ සාකච්ඡාව සදහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලද සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.