දේශබන්දුගෙන් ඓතිහාසික වාර්ථා 5ක් .!

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැකකරුවන් ලෙස නම් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝ කළේය.

ඒ 2023 වසරේ දෙසැම්බර් 31වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි.

කෙසේවෙතත් මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශණ සිදුකරනු ලබයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා සුවිශේෂී වන්නේ ඔහුගේ නම ඉදිරියේ වාර්තා කිහිපයක් සටහන් වී තිබීම හේතුවෙනි.

එම වාර්තා පහත පරිදි වෙයි,

  1. 1) මහජනතාවගෙන් පහරකෑමට ලක්වූ ඉතිහාසයේ පළමු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. [එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට 2022 වසරේ මැයි මස 10 වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අරගලය සම්බන්ධ සිදුවීමක් මුල්කරගනිමින් පහරදීමක් සිදුවිය]

2) රාජකාරියේ යෙදී සිටියදී අධිකරණ නියෝගයක් මත තාවකාලිකව රාජකාරී අත්හිටවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයා. [දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද 2024 ජුලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.]

3) රාජකාරියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගැනීමට නියමවූ ප්‍රථම පොලිස්පතිවරයා. [පූජිත ජයසුන්දර අත්අඩංගුවට පත්වූයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු ධූරයෙන් නෙරපා සිටි අවස්ථවකදීය]

4) සේවයේ සිටියදී පලාගිය ප්‍රථම පොලිස්පතිවරයා.

5) විදෙස් ගමන් තහනමකට ලක්වූ ප්‍රථම පොලිස්පතිවරයා.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.