By unusuma.lk on
(LK time)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 77කට වැඩි මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වංචා කළ බව කියන මහ බැංකුවේ ගණකාධිකාරීවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ 77කට වැඩි මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම සැකකරු ශ්‍රී ලංකා මහා බැංකුවේ ගණකාධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී ව්‍යාජ විද්‍යුත් ලිපින භාවිත කරමින් එම වංචාව සිදුකර ඇති බව මූල්‍ය විමර්ශන අංශයේ තාක්ෂණික ආධාර ඒකකය කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු රුපියල් 7,721,551,02ක මුදලක් වංචා කර ඇත.