දින 2ට වාහන 197ක් රේගු දැලේ පැටලිලා.!

පසුගියදා මෙරටට ආනයනය කරන ලද වාහන නෞකා 2 අතරින් නුදුරේදීම පැමිණි නෞකාවේ ඇතුළත් වූ වාහන තොගයෙන් වාහන වලින් 197ක් රේගුව විසින් රඳවා තබාගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ එම වාහනවල නිෂ්පාදන වර්ෂය සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් බව සඳහන්.

රජය විසින් වාහන ආනයනයට පනවා ඇති රෙගුලාසි අනුව මෙරටට ආනයනය කල හැක්කේ වසර තුනක් කාලයක් දක්වා පැරණි වාහන පමණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික කීර්ති ගුණරත්න මහතා පැවසූවේ 2023 2024 සහ 2025 වාහන පමණක් ආනයනය කිරීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති නමුත් එම රෙගුලාසි වලට පටහැනිව යම් වාහන ප්‍රමානයක් ආනයනකරුවන් විසින් ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ වනවිට වාහන 197ක් රේගුව විසින් ඒවාගේ නිශ්කාශණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ අපනයනකරුවන්ගමේ සංගමය විසින්ද රජය වෙත ලිඛිතව භාරදීමටද කටයුතු කළ අතර ඔවුන් දන්වා සිටියේ ජපානයෙහි නිෂ්පාදිත වර්ෂය සහතික කරනා ආයතනය සමඟ සම්බන්ධ වී 2022 වසරේ නිෂ්පාදිත වාහන 2023 ලෙස ව්‍යාජව සහතික කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.

කෙසේවෙතත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ රේගුව විසින් වාහන නිෂ්කාශන කටයුතු තාවකාලිකව අත්හිටුවීමක් සිදුකර නොමැති බවත් අදාළ ආයතන වලින් එම වාහන වල නිෂ්පාදිත වර්ෂය තහවුරු කර ගැනීම පිණිස අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා රැඳී සිටින බවත්ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.