සංජීව ඝාතනයට 13ට 13යි.. මහ මොළකාරිය නිදැල්ලේ.!

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව ඝාතනය කර අදට දින 13ක් ගතවී ඇති අතර එම ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැත්තිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට මෙතෙක් නොහැකි වී ඇත.

කෙසේ වෙතත් ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ පවත්වයි.

මේ අතර මහ මොළකාරිය වන ඉෂාරා සෙව්වන්දි මෙහෙයවන ලද වෙඩික්කරු සහ අපරාධකරුවන් සම්බන්ධ කර ගැනීම සදහා සිම්පත් ලබාදුන් පුද්ගලයන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.