ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
සංස්ථාව හඳුන්වා දුන් නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර තෙල් බෙදුම්කරුවන්ගේ යෝජනාවලිය සාකච්ඡා කිරීමට තවත් සාකච්ඡාවක් එළැඹෙන (18) වැනිදා පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,
“ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්නට එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. එම එකඟතාවය අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කරලා තියෙනවා.
එම කරුණු සාකච්ඡා කිරීම සඳහා නව සූත්‍රය ක්‍රියාත්මක වෙන අතරේ බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් (18) වැනිදා උදෑසන සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නෑ. බෙදුම්කරුවන් එම සූත්‍රය අනුව කටයුතු කරනවා.”
අද (04) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.