By unusuma.lk on
(LK time)අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුව එහි පැමිණි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ශාන්ත සිල්වා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
පැය 5කට ආසන්න කාළයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත.
තෙල් බෙදුම්කරුවන් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙස බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුනු පැමිණිල්ලක් මත ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනි.