විපක්ෂය වෙනුවෙන් අජිත් පී, සුගත් වසන්තගෙන් සමාව අයදී.!

පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්න ද සිල්වා මහතාගේ දෘශ්‍ය ආබාදිත තත්වය සම්බන්ධයෙන් යම් උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබූ අතර ඊට එරෙහිව එල්ල වූ සමාජ විරෝධය හමුවේ ඔහු ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් පවසා තිබුනේ සිත් නැවුලට පන් සියලු දෙනාගෙන් කොන්දේසි විරහිනව සමාව ඉල්ලා සිටින බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතාද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සුගත් වසන්න ද සිල්වා මහතාගෙන් විපක්ෂය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වැරදි පිළිගැනීම, නිහතමානීව වැරදි නිවරදි කරගැනීම මෙවර පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබීම වඩා යහපත් සංස්කෘතියක පෙර මං සලකුණු බව කිව යුතුය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.