සූරියවැවේ වීරිය ගමේ ඛේදවාචකයක්.!

සූරියවැව පොලිසිය පවසන්නේ සූරියවැව වීරිය ගම ප්‍රදේශයේ පදිංචි මවක් හා ඇයගේ පස් හැවරදි දරුවා යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් අද (05) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය දරුවා කුඩා දරුවන් භාවිතා කරන පාපැදියකින් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති නිවසට යමින් සිටියදී අනවසර විදුලි රැහැනේ පැටලී ඇති බවත් තම පුත්‍රයා මුදවා ගැනීමට එම ස්ථානයට දිවගිය මවටද විදුලිසැර වැදී ඇති බවත් පොලිසිය කියයි.

විදුලිසැර වැදීමෙන් මව හා පුත්‍රයා එම ස්ථානයේම මියගොස් තිබුණි.

මියගොස් තිබුනේ 38 හැවිරිදි මවක් හා 05 හැවිරිදි ඇයගේ පුත්‍රයා ය.

සිද්ධිය සම්බන්ධයෙන් සූරිය වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.