මර්වින් සිල්වා රජයේ ඉඩමක් විකුණලා.!

මර්වින් සිල්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනවලින් පසු හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවටගෙන ඇත.

එම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් කීපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලවකවානුවේ රජයට අයත් එම ඉඩම් පෞද්ගලික අංශයට ව්‍යාජ ඔප්පු සකසා විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.