By unusuma.lk on
(LK time)හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව එළඹෙන (24) වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ නිවේදනය කරයි.
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහ නමැති විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
පසුගිය 1996 සිට 1997 කාලය අතරතුර මණික් ඉන් කොපරේට් සමාගමේ අධ්‍යක්ෂ මහෙන්ද්‍ර සිල්වා නමැත්තාට එම ඇටෝනි බලපත්‍රය ඉදිරිපත් කර පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලදී ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.