ලොව විශාලතම අයිස් කුට්ටිය ගිලෙයි.. සාගර ජීවයේ පිපිරීමක්.!

පෙන්ගුයින් සහ සීල් මත්ස්‍යයන් මිලියන ගණනක් වාසය කරන බ්‍රිතාන්‍ය දූපතක් වන දකුණු ජෝර්ජියාවෙන් ඔබ්බට වූ නොගැඹුරු ජලයේ ලොව විශාලතම අයිස් කුට්ටිය ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අයිස් කුට්ටිය දියෙහි ගිලී සිරවී ඇති බව පෙනෙන්නට ඇති අතර අයිස් කුට්ටිය කැඩී ගියහොත් එහි ප්‍රතිඵලයක් ලෙස යාත්‍රා ගමන් කරන විට අනතුරු ඇති වීමට ඉඩ ඇති බව පරිසර විද්‍යාඥයෝ සදහන් කරයි.

එංගලන්තය මෙන් දෙගුණයක් පමණ විශාල මෙම අයිස් කුට්ටිය තුළ විශාල පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් සිරවී ඇති බවත් එය දියවන විට සාගරයේ ජීවයේ පිපිරීමක් ඇති කළ හැකි බව ඇන්ටාක්ටිකාවේ විද්‍යාඥයන් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.