අර්ථසාධක ප්‍රතිලාභීන්ට සහනයක්.!

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසන්නේ සේවා අර්ථසාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ප්‍රතිලාභීන් මත විවිධ කොන්දේසි රාශියක් පනවා තිබීම හේතුවෙන් සේවා අර්ථසාධක අරමුදලෙන් 30% ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූඨ ලේඛණ ඉදිරිපත් කිරීමට ප්‍රතිලාභීන් පෙළඹී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රතිලාභ ලබාගැනීමේදී අතරමැදියන්ගේ මැදිහත්වීමද නිරීක්‍ෂණය වී ඇති බවත් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

එම කොන්දේසි ලිහිල්කිරීම මත වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවන බැවින් ඒ සඳහා රජයේ අවධානය යොමුවී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.