පාසල් සිසුන්ට පහරදුන් කළුතර හිටපු උප සභාපති ඇතුළු 7ක් අත්අඩංගුවට.!

කළුතර උතුර පොලිසිය පවසන්නේ පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදීමක් සිදුකළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව‍යි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු මෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වරයෙකු බව පොලිසිය පවසයි.

කළුතර ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අතර නාගස් හන්දිය ගාලුපාරේ පෙරේදා දහවල් ගැටුමක් සිදුව ඇති අතර, එය සමතයකට පත් කිරීමට යාමෙන් පසු සැකකාර හිටපු අමාත්‍ය ලේකම් වරයා ඇතුළු පිරිස පහරදීමට මැදිහත්ව ඇති බව වාර්තා වේ.

පහර කෑමක් හේතුවෙන් 10 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

සැකකාර හිටපු උප සභාපතිවරයා ද පහරදීමක් සිදුව ඇති බව සඳහන් කරමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති අතර, ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.

අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් හය දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.