ගණේමුල්ලේ සංජීව ඝාතනයේ අලුත්ම තත්ත්වය.!

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව මේ වනවිට රැඳවියන් 6ක් ඇතුළු පුද්ගලයන් 47 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

බූස්ස බන්ධනාගරයේ සිට සංජීව අලුත්කඩේ අධිකරණය වෙත ආරක්ෂාව සපයමින් රැගෙන පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, අධිකරණය වෙත රැගෙන ඒමට භාරව සිටි බන්ධනාගාර නිලධාරීන්, අධිකරණ කාර්ය මණ්ඩලය, ඒ මොහොතේ රැඳී සිටි පොලිස් නිලධාරීන්, නීතිඥවරු සහ එම අවස්ථාවේදී සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් අටදෙනාගෙන් හය දෙනකුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇත.

සංජීවට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අධිකරණ සිර මැදිරියේ කාන්තා රැඳවියකු ඇතුළු රැඳවියන් අට දෙනකු රඳවා සිට ඇති අතර ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 4ක්, මැගසින් බන්ධනාගාරයේ රැඳවියකුගෙන් සහ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය වනවිට අලුත්කඩේ අධිකරණයේ මූලාසනයේ සිටි මහෙස්ත්‍රාත්වරියගෙන්ද ප්‍රකාශ ලබා ගැනීම සදහා කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති හරහා මේ වනවිටත් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.