කජ්ජා සහ දරු පවුල ඝාතනය පිටුපස අහස පොළොව නුහුලනා කතාවක්.!

පසුගියදා රට තුළ වඩාත් ආන්දෝලනාත්මක පුවතක් වූ අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට හේතුව බැකෝ සමන්ට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීමේ සිද්ධියක් බව පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

ඊයේ අත්අඩංගුවට පත්වූ වෙඩික්කරු පොලිසිය හමුවේ පාපොච්චාරනය කර ඇත්තේ, තමන් අධික ණය බරකින් පෙළීම හේතුවෙන් බැකෝ සමන්ගේ කොන්ත්‍රාත්තුවක් මත මෙය සිදුකළ බවයි.

පසුගිය පෙබරවාරි 18වනදා මිද්දණෙිය ප්‍රදේශයේදී කජ්ජා නැමැත්තා සහ සිය දරු දෙදෙනා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කජ්ජා සහ දරු දෙදෙනාද ජීවිතක්ෂයට පත්විය.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී, වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් වෙඩික්කරු, ඝාතනයට ආධාර අනුබලදුන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ඊයේ (5) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවටගත් වෙඩික්කරුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, ඩුබායිහි සිටින බැකෝ සමන් නැමැත්තාගේ උපදෙස්මත පසුගිය පෙබරවාරි 10, 11 හා 12 යන දිනවලදී කජ්ජා ඝාතනය කිරීමට උත්සාහ දැරූවද එය අසාර්ථක වූ බවයි.

අනතුරුව බැකෝ සමන්ගේ සමීපතමයෙක් වන ඩුබයිහි සැඟව සිටින ළහිරු නැමැත්තාගේ උපදෙස් මත කජ්ජා ඝාතනය කිරීමට පසුගිය පෙබරවාරි 18 වනදා යතුරුපැදිකරුවකු සමග පිටව ගිය බව ද වෙඩික්කරු පාපොච්ඡාරණය කර තිබේ.

යතුරුපැදිකරුව ළහිරු නැමැත්තා විසින් දුරකථනයෙන් මෙහෙයවා ඇති අතර, කජ්ජා එනතුරු ඔවුන් ඝාතනය සිදු වූ ස්ථානයට නුදුරින් පිහිටි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අසල රැඳී සිට ඇති බව පොලීසිය පවසයි.

පසුව ඔවුන් එම ස්ථානයෙන් ඉදිරියට යෑමේදී මුහුණට මුහුණ හමු වූ කජ්ජා, සිය දරු දෙදෙනා සමග යතුරුපැදියෙන් ගමන් ගන්නා අයුරු දැක යතුරුපැදිය හරවාගෙන හඹාවිත් වෙඩි තැබීම සිදුකළ බව වෙඩික්කරු පොලීසිය හමුවේ පවසා තිබේ.

එම අවස්ථාවේදී තමන් දරු දෙදෙනා දැක වෙඩි තැබීමට නොහැකි බව පැවසූවද, යතුරුපැදිකරුගේ බලකිරීම මත එය සිදුකළ බව වෙඩික්කරු පවසා ඇත.

තමා යතුරපැදියේ හිඳගෙන ගිනිඅවිය උකුල මත තබාගෙනම වෙඩි තබා පලාගිය බව ඔහු පාපොච්ඡාරණය කර තිබේ.

වෘත්තියෙන් පෑස්සුම් ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති වෙඩික්කරු, අපරාධකරුවන් භාවිත කර ගිනිඅවිවල දෝෂ ඇති වූ විට ඒවා අලුත්වැඩියාකිරීම් ද සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය සැකපළකරන්නේ මොහු පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවකු බවට සැකපළකරන බවයි.

මේ අතර ඝාතනයට ලක් වූ කජ්ජා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් බැකෝ සමන්ට අයත් ගංජා පාර්සලයක්  පැහැරගැනීම නිසා ඔහුව ඝාතනය කළ බවට පොලීසිය මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

එමෙන්ම කජ්ජා සූදුපොළවල් පවත්වන අතර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සූදුපොළවල්වලට පැන ඒවායේ මුදල් කොල්ලකෑමේ සිද්ධීන් ද වාර්තාවී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනයෙන් පසුව ඔහුගේ නිවස පොලිසිය විසින් පාරීක්ෂා කිරීමේදී මංකොල්ලකෑම් සඳහා භාවිත කළ පණිවුඩ හුවමාරුකරන යන්ත්‍ර කිහිපයක්ද පොලීසිය සොයාගෙන තිබේ.

කෙසේ නමුත් වෙඩික්කරු ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පැද වූ පුද්ගලයා හා ඒ සඳහා යොදාගත් ටී – 56 ගිනිඅවිය මෙතෙක් පොලීසියට සොයාගැනීමට හැකිවී නොමැත.

මේ අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (6) ඉදිරිපත් කළ සැකකරුවන්ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.