පොලිස්පතිගේ ඉල්ලීමට අභියාචනාධිකරණයේ ප්‍රතිචාරයෙන් පොලීසියේ සායම ‍යයි.!

අද (10) දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම විභාග කර අවසන් වන තුරු හෝ ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස කෙටි නොතීසියක් නිකුත් කරන ලෙසයි.

එහිදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහමඩ් ලෆාර් තාහීර් මහතා පැවසුවේ පොලිස්පතිවරයා දැනටමත් සතියක පමණ කාලයක් කිසිදු කරදරයක් නැතිව සිටින නිසා ඉදිරි සතියේත් එලෙස හිදිනු ඇති බැවින් එවැනි කෙටි නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය නැති බවය.

මෙම නොතීසි නිකුත් කරනු ලෙස ඉල්ලා සිටියේ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී.අම්පාවිල යන අයට එරෙහිවය.

වැලිගම දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමාගෙන් ප්‍රශ්න කිරීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කිරීමට මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතාට බලයක් නැති බවත් මෙය දේශපාලන බලපෑම් සහිත පක්ෂපාතී ද්වේශ සහගත ක්‍රියාවක් බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර ඇත.

එසේම වැලිගම පොලීසිය සිදුකළ යුතු විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම තුළින් එය තහවුරු වන බවද සඳහන් කර තිබේ.මෙහිදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරයා පැවසූවේ මෙම පෙත්සමට අදාල ලිපි ගොනුව තමා වෙත ලැබුණේ අද උදෑසන බවය.

එනිසා එහිදී සදහන් කර ඇත්තේ මොනවාදැයි කියා නොදන්නා බවය. රජයේ නීතීඥවරියද පැවසුවේ මේ සම්බන්ධයෙන් තමාට කිසිඳු උපදෙසක් මෙතෙක් ලැබී නැති බවය. ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරයා පෙත්සම් විභාගය මෙම මස 12 වැනිදා දක්වා කල් තැබීය. මෙම පෙත්සම් විභාගය සදහා අභියාචනාධිකරණ විනිසුරු සරත් දිසානායක මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් පෙනී සිටියහ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x