තත්ත්වය අවදානම්.. දිනකට මරණ 5යි.!

එක් දිනකට මරණ 5ක් වකුගඩු රෝගය හේතුවෙන් සිදුවන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය සදහන් කරයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද 10%ක් පමණ දිගු කාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් පසුගිය 2023 වර්ෂයේ දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල්ගත වීම් 213,448ක් සහ මරණ 1626ක් වාර්තා වී ඇති බවද සදහන් කරයි.

උතුරු මැද පළාතෙන් වකුගඩු රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන බවත් පොළොන්නරුව සහ මාලිගාවත්ත ප්‍රදේශවල විශේෂිත වෘක්ක වේද ප්‍රතිකාර රෝහල් දෙකක් ස්ථාපිත කර ඇති බවද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය සදහන් කරයි.

මේ වනවිට රජයේ රෝහල් 81ක වකුගඩු රෝග සායන පවත්වන බවත් වකුගඩු සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වුවහොත් රුධිර කාන්දුකරණය, වකුගඩු බද්ධ කිරීම සහ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කළ යුතු බවද එම ඒකකය සදහන් කරයි.

සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින ලෝක වකුගඩු දිනය සමරන අතර මෙවර එම දිනය මාර්තු මස (13) වන බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇත.

Loading

We are happy to invite you.