By unusuma.lk on
(LK time)අමාත්‍යවරුන්ගේ බංගලා ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල 4ක් සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාර සදහා ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බව එම අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර සදහන් කරයි.
එම බංගලා අතරින් එක් බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරිහරණයට පසුගියදා ලබාදුන් අතර අනෙක් බංගලා කාලයක සිට වසාදමා ඇති හෙයින් ඒවා ජරාවාස වෙමින් ඇත.
මේ වනවිට එම ඇමැති බංගලා ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් 20කට ආසන්න බව වාර්තා වේ.