ආජන්ටිනා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගහගනී.!

ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන් ආජන්ටිනා ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනා මුල් කර ගනිමින් පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අවශ්‍ය බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බල කළද ඊට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වීමත් සමග ගුටිබැට හුවමාරුව සිදුව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති භවියේ මිලෙයි හඳුන්වා දී ඇති නව ආර්ථීක ප්‍රතිපත්ති මුල්කොට ගනිමින් රටේ ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

We are happy to invite you.