By unusuma.lk on
(LK time)මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන ඇත.
එම සැකකරුවන් වන්නේ, ගොඩගම ප්‍රදේශයේ පදිංචි අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ශාන් පුතා, ඔහුගේ කළමනාකරු ලෙස කටයුතු ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි කේෂර ඉෂාන්, හෝමාගම පදිංචි 27 හැවිදිරි සැකකාර පොලිස් කොස්තාපල් චන්දික ශ්‍රිමාල් යන අයයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර පසුව මාතර මහේස්ත්රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 07ක් රැඳවුම් නියෝග ලබාදී කොටවිල පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදුකරයි.
27 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන එම රැප් ගායකයාට ලබාදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.